ෆේස්බුක් එකේ Friends Request සේරම එකපාර ඇසෙප්ට් කරමුද?

කාලෙකින් ඉතින්.. ගොඩක් වැඩ නිසා බුකියේ රික්වස්ට් ඇසෙප්ට් කරන්න වෙනම කෙනෙක් ගන්න වෙලා.. හිහ් හිහ්... කොහොම හරි මැක්සා විදියට හැකින් සිස්ටම් එකක් හොයා ගත්තා.

දන්නවනේ රික්වෙස්ට් වැඩි උනාම... ඇසෙප්ට් නොකර හිටියම. බැනුම් අහන්නත් වෙනවානේ එවපු අයගෙන් :3 හරි කෝමින් හරි වුවමනා ඇතිනේ මේ වගේ

සර සර ගාල රික්වෙස්ට් ටික ඇසෙප්ට් කරගන්න. මේක ඉතින් කෙලින්ම  කම්පියුටර් ජිල්මාර්ට් එකක්. කෙලින්ම හැක් කිරිල්ලක්. දන්නවනේ මේකටත් ඉතින් සුපිරිම සුපිරි ඔපෙරා කියන බ්‍රව්සර් එක බාවිතා කරන්න ඕන. නැත්නම් ගූගල් ක්රෝම්. අනිත් ඒවායිනුත් බලන්න මට ඔය බ්‍රව්සර් දෙක 100%ක් ෂුවර්.

මෙන්න වැඩේ......

1. මුලින්ම ෆේස්බුක් එකට ලොග් වෙන්න

2. දැන් රික්වෙස්ට් ටික ගාවට යන්න. මෙන්න මෙතනින්
(රික්වෙස්ට් 10ක් 15ක් නම් ඔහොමම තියා ගන්න. නැත්නම් See more කියන තැන (තව බලන්න) ඔබන්න.)

3. දැන් කී බෝර්ඩ් එකේ  

Ctrl+Shift+J දෙන්න. එහා පැත්තේ මේ වගේ Console එකක් ඕපන් වෙයි.



දැන් ඔය ඊතලෙන් පෙන්නලා තියෙන තැන් ඒ කියන්නේ කොන්සොල් එකේ අන්තිම ‘>‘ මෙහෙම තියන තැන

javascript:for( i = 1;i<document.getElementsByName("actions[accept]").length;i++){document.getElementsByName("actions[accept]")[i].click();}void(0);

මේක COPY කරලා  PASTE කරගන්න. 

4. තත්පර කීපයකින් රික්වෙස්ට් ටික ඇසෙප්ට් වෙයි බලන් ඉදිද්දී.




5. මේකෙන් පේජ් වල රික්වෙස්ට් එහෙමත් ඇසෙප්ට් වෙනවා


යාලුවන්ටත් කියන්න එහෙනම්. වැඩේ ගොඩනම් කොමෙන්ට් එකක් දාන්න. හරි ගියේ නැත්නම් ඒකත් කියන්න. 

එහෙනම් සුබ සති අන්තයක්.


Comments

Popular Posts