හොදම Korean Samsung හදුනගන්න....


ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version  එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා.

දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........

මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක් තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්, දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.

International version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX
Korean version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV-EXXX
US/Canada version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX
Japan version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SC-XXX
මේ හැම එකක්ම original Samsung . ඒත් අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version විතරයි Original කියලා.

South Korean වල Network provider company 3 ක් තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel, Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????

SK Telecom
Korean Telecom
LG U+ Corporation

SK Telecom company එකෙන් තමයි  Anycall (ශ්‍රි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි) දුරකතන නිකුත් කරන්නේ
Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත් කරන්නේ
LG U+ company  එකෙන් තමයි LG U+ දුරකතන නිකුත් කරන්නේ

බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට මේ කියන Anycall, Olleh, LG U+  logo එක display වෙනව.

සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක තියෙනවා (උදා: Samsung Galaxy S2)
එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S තියෙන්නේ Anycall  , K තියෙන්නේ Olleh  ,  L තියෙන්නේ LG U+ .

Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G Lte  තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.

උදාහරණ S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-E110L
S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-E120L
S3 >>> SHW-M440S, SHW-M440K
S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-E210L
S4 Lte >>> SHV-E300S,  SHV-E300K,  SHV-E300L
S4 Lte-A >>>  SHV-E330S
Note Lte >>> SHV-E160S,  SHV-E160K, SHV-E160L
Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-E250L

Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න. අපේ රටේ තේ බොන විදියට නෙවෙයි කොරියානුවෝ phone හදන්නේ. ඒ කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea) නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත් කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones. international ගොඩක් ෆෝන් china නැත්නම් vietnam. ඒව ගැන් ඉතින් අමුතුවෙන් ඕන නෑනේ..............

Comments

Post a Comment

Popular Posts